FAST NEWS

24×7 Around the Globe

යාපනයේ පුද්ගලයින් දෙනෙකු අතුරුදන් වීමට යුද හමුදාවේ 05ක් රිමාන්ඩ්

යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ පෙනී සිටි යුද හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ඊයේ (27) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව ඊයේ දිනයේ කැඳවු අවස්ථාවේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඔක්තෝබර් මස 10 වන දින දක්වා එම යුද හමුදා සාමාජිකයින් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කර ඇත.

1998 වසරේ යාපනය, අච්චුවේලී ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් අච්චුවේලී යුද හමුදා කඳවුරේ සෙබළුන් 16 දෙනෙකුට ඊයේ දිනයේ යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී සෙබලුන් 11 දෙනෙකු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන්ට ලබන 10 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අධිකරණය නියෝග කර ඇත.

එතෙක් අනෙක් සෙබළුන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  නියෝග කර තිබේ.

අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියට අනුව අච්චුවේලී පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත.