FAST NEWS

24×7 Around the Globe

චීන යුද ගුවන්යානා 08 ක් ජපානය අක්‍රමණය කරයි..

චීන යුද ගුවන් යානා 8 ක් ජපාන දිවයින් පෙළක් අතරින් කලාපයේ ඊයේ (25) දිනයේ සිය ගුවන් තලය ආක්‍රමණය කරමීන් සැරි සැරූ බවට ජපානය චෝදනා කර සිටින බවට විදෙස් මාධය වාර්තා පවසයි.

මියාකෝ සමුද්‍ර සන්ධිය ඔස්සේ ඔකිනාවා සහ මියකොජිමා දිවයින් අතර  චීන ගුවන් යානා මෙලෙස සැරි සරා ඇති බවත් ඊට බෝම්බ ප්‍රහාරක යානා, ඔත්තු බැලීමේ යානා සහ ප්‍රහාරක ජෙට් යානාවක් ඊට ඇතුලත් බව ජපානය නිවේදනය කර තිබේ.

එසේම එම අවස්ථාවේදී චීන යුද ගුවන් යානා වැළැක්වීම සදහා සිය ප්‍රහාරක ජෙට් යානා යෙදවූ බවද ජපානය අවධාරණය කල බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.