FAST NEWS

24×7 Around the Globe

තාජුඩින්ගේ සිරුරේ කොටස් ගැන වෛද්‍ය සිසුන්ගෙන් රහස් පොලීසියට පැමීණීල්ලක්..

ඝාතනයට ලක්වු රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ සිරුරේ ඇතැම් කොටස් මාලඹේ – සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද සමරසේකර රැගෙන ගොස් ඇති බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (26) රහස් පොලීසිය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

එසේම කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාවද සිටි උක්ත මහාචාර්ය ආනන්ද සමරසේකර තමා යටතේ සේවය කළ කම්කරුවන් ලවා වසීම් තාජුඩීන්ගේ ශරීර කොටස් ඇතුලු කොටස් කිහිපයක් මාලඹේ සයිටම් ආයතනයට ගෙන ගිය බවට පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රහස් පොලීසිය විසින් දැනුම් දීමට කටයුතු කළේය.