FAST NEWS

24×7 Around the Globe

කොළඔ ජාතික රෝහලේ ආපනශාලාව වසා දැමීමෙන් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වේ.

කොළඔ ජාතික රෝහලේ ආපනශාලාව දින කිහිපයක් තිස්සේ වසා දමා ඇති බවත් ඒ හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත් වී ඇති බවත් පාරිභෝගික අයිතීන් සඳහා වූ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

රොගීන් විශාල පිරිසකගේ ඥාතීන් හා හිතවතුනුත් රෝහලේ පිරිසුත් ආපනශාලාවෙන් සිය අවශ්‍යතා සපුරාගන්නා අතර මෙම ආපනශාලාව වසා දැමීම හේතුවෙන් වැඩි මිලට රෝහල අසල ඇති වෙනත් වෙළදසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට සිදු වීම පාරිභෝගිකයින්ට  සිදු කරන අසාධාරණයක් වන්නේ යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ අවධාරණය කරයි.