FAST NEWS

24×7 Around the Globe

උදයංග වීරතුංගට එරෙහි ජාත්‍යන්තර වරෙන්තු පිළිබඳ තීරණය සැප්තැම්බර් 30…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුව සම්බන්ධව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව  මූල්‍ය අපරාධ විමර්ශන අංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව අද (26) කැඳවිණී.

යුක්රේනයේ ඔහු පදිංචි ව සිටින නිවසට විදේශ අමාත්‍යාංශය මගින්  සිතාසි යැවීමට යැවුවද  නිවසේ ඔහු නැති බව යුක්රේන බලධාරින් සඳහන් කළ බව අධිකරණයට අද දැන්වීය.
එහෙයින් ජාත්‍යන්තර පොලිසිය මගින්  ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන අංශය  අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එ අනුව ඔහු සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න තීන්දුව සැප්තැම්බර් 30 වැනි දා සළකා බලන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සඳහන් කළේය.