FAST NEWS

24×7 Around the Globe

බාහිර උපාධි අත්හිටුවීම පිළිබඳ වාර්තා අසත්‍යයයි..

බාහිර උපාධි පාඨමාලා අත්හිටුවා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව අවධාරණය කර සිටියි.

කෙසේ නමුත් බාහිර උපාධි පාඨමාලාවල වටිනාකම ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ අනුව විශ්වවිද්‍යාල සදහා නව බාහිර උපාධි පාඨමාලා 15 ක් ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවද එම කොමීසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා කරයි.

එසේම එම පාඨමාලා ආරම්භ කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන විශ්වවිද්‍යාලවලට ලබා දීමට පියවර ගෙන ඇති බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.