එළඹෙන නොවැම්බර් මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර (2017) සඳහා වන ශ‍්‍රී ලංකා රජයේ අයවැය යෝජනාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය යටතේ ඉදිරිපත් කිරීමට ශ‍්‍රීලනිපයේ හා එජාපයේ නායකයන් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පසුගිය වසරේ ඉදිරිපත් වූ (2016) අයවැය යෝජනා සම්බන්ධයෙන් එම පක්ෂ දෙකෙන්ම සහ විපක්ෂ දේශපාලන පක්ෂ ගණනාවකින්ම විවේචන ඉදිරිපත් වූ අතර ඒ අනුව කිහිප වතාවක්ම එය සංශෝධනය කිරීමට ද සිදු විය.
එ අනුව මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් වගකීම අගමැතිවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට පමණක් භාර දී තිබීම උක්ත ගැටලූකාරීත්වයන් මතු වීමට හේතුවක් බව ශ‍්‍රීලනිපයේ මතය වී ඇති බවද වාර්තා වේ.
එහෙයින් ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ දී ශ‍්‍රීලනිපයේ දායකත්වය ද පැවතිය යුතු බවට තීරණයක් ද මීට පෙර පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ගෙන තිබිණි.
එමෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් සහ ඉදිරි අයවැය යෝජනා සම්බන්ධයෙන් වන ශ්‍රීලනිපයෙන් පසුගියදා විශේෂ කමිටුවක් ද පත් කෙරුණි.
ඒ අනුව 2017 අයවැය යෝජනා සම්බන්ධයෙන් එජාපය සමඟ සාකච්ඡා කිරීමට මේ වන විට සරත් අමුණුගම ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙන අතර එජාපය ද මේ වෙනුවෙන් මලික් සමරවික‍්‍රම ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.
මෙම කමිටු දෙක අවසන් වශයෙන් මෙවර අයවැය යෝජනාවලිය සකස් කිරීම සිදු කරනු ඇති අතර ඒ ජනාධිපතිවරයා ලවා අනුමත කර ගැනීමෙන් අනතුරුව මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කීරීමට තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.