FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ ගනුදෙනු 13 ක් ගැන සොයන්නැයි අගමැතිට ඉල්ලීමක්…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ පාලන සමයේ දී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බව කියන මහා පරිමාණ මූල්‍ය ගනුදෙනු 13 ක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඊට අදාළ ලිපිය ඊයේ දිනයේ (25) අග‍්‍රාමාත්‍යවරයා වෙත භාර දී  තිබේ.

2006 වසරේ සිට 2015 දක්වා අජිත් නිවාඞ් කබ්රාල් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේය.

එ අනුව අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් හෝ විමර්ශන සිදු කරන්නැයි ඔවුන් ඉල්ලා
තිබේ.