FAST NEWS

24×7 Around the Globe

පක්ෂය බෙදුනොත් පරාජය අනිවාර්යයි

 මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් අනුව පක්ෂය කොටස් දෙකකට බෙදුනහොත් පරාජය අනිවාර්ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

‘පක්ෂය හරි අතට’ මැයෙන් නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන සංවාද මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැස්වීම් පිළිබඳව හිටපු පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී.ල.නි. ප කාර්යාලයේදී ඊයේ (24දා) මෙම රැස්වීම පැවැත්විණි.

“අපිට ජයග්‍රහණය කරන්න බෑ කියන කාරණාව මම පිළිගන්නේ නෑ.  හැබැයි අපිට වැඩපිළිවෙඝක් සාර්ථක ක්‍රමවේදයක් තිබුණොත් අපිට ගම ජයග්‍රහණය කළ හැකියි. අපි ජාතික ආණ්ඩුවක් හදලා තිබුණත්, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට වඩා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ජයග්‍රහණය කරවීමට අපිට  හැකියාවක් තිබෙනවා.”