FAST NEWS

24×7 Around the Globe

ජාතික හෙළ උරුමයේ වෙනස්කම් කිහිපයක් – සෝභිත හීමි නායකත්වය අත්හරී..

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් තමා ඉවත් වන බවත්, ඉදිරියටත් පක්ෂය වෙනුවෙන් වැඩ කරන බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී අද(24) පැවති එම පක්ෂයේ 13 වන සමුළුව අමතමින් ඒ හිමියෝ මේ බව සඳහන් කළහ.

මේ අතර ජාතික හෙළ උරුමයේ නව නිළධාරින් මණ්ඩලය ද අද දිනයේ පැවති සමුළුවේදී පත් කර ගෙන තිබේ.

ඒ අනූව එම පක්ෂයේ  සම සභාපතිවරුන් ලෙස පැවිදි පාර්ශවයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් සහ ගිහි පාර්ශවයෙන් නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාණ මහතා පත් කර ගෙන තිබේ.

නියෝජ්‍ය සභාපති ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි නිරෝෂා අතුකෝරාල මහත්මිය පත්කර ගෙන ඇත.

මහලේකම්වරයා ලෙස අමාත්‍ය පඨලී චම්පික රණවක මහතා පත් කර ගෙන ඇති අතර නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා පත් කර ගෙන ඇත.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා ලෙස තේරි පත්වී ඇත්තේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාය.