FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බර් 31වනදාට පෙර පළාත් පාලන මැතිවරණය නෑ..

සීමානිර්ණය කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කළ ද මෙම දෙසැම්බර් 31වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) ගාල්ල – ලබුදූව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ සීමානිර්ණය ගැසට් කිරීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීම සඳහා මාස 03ක පමණ කාලයක් ගත වන බවයි.

සීමා නීර්ණය සම්බන්ධ වැඩකටයුතු කඩිනමින් සිදුවවුද දෙසැම්බර් මාසයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිසා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.