FAST NEWS

24×7 Around the Globe

එච්.අයි.වී. ආසාදිතයින්ට නොමීලේ ප්‍රතිකාර දීමට පියවර ගැනේ…

 එච්.අයි.වී. ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අද (23) පැවසීය.

මේ වන විට මෙරටින් එච්.අයි.වී ආසාදිතයින් 2436 දෙනෙකු වාර්තා වී ඇති බවද ඔහු පෙන්වා දෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශය එච්.අයි.වී ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සායන මධ්‍යස්ථාන 30ක් ස්ථාපිත කර ඇති බවත් ජංගම සායන 22ක් ස්ථාපිත කර ඇති බවද හෙතෙම මෙහිදි පැවසීය.

එසේම එච්.අයි.වී. සහ ඒඩ්ස් මර්දන කටයුතු විධිමත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව මහතා වැඩිදුරත් පැවසීය.