FAST NEWS

24×7 Around the Globe

සජින් ද වාස්ගෙන් අධිකරණයට මෝසමක්.

ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධව සජින් වාස් ගුණවර්ධන තමාට මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට අදාළව මෝසමක් අද (23) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළේය.

එම නඩුවට අදාළව තමාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  මසකට වරක් පැමිණෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය ඉවත් කරන්නැයි එමගින් හෙතෙම ඉල්ලා තිබේ.

එ අනුව අදාළ මෝසම සැප්තැම්බර් 28 වැනි දා සළකා බැලීමට අධිකරණ තීරණය කළේය.