FAST NEWS

24×7 Around the Globe

කෝටි 50 පිරිසකගේ යාහු පරිගණක දත්ත හැකරුන් අතට පත්වෙයි.

2014 වර්ෂයේදී තම සමාගමෙන් සේවය ලබාගත් ලොව පුරා කෝටි 50 පිරිසකගේ දත්ත පරිගණක හැකරුන් ව්සින් සොරකම්කරන ලදැයි යාහූ සමාගම නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

පුද්ගල නාම, ඊ මේල් ලිපින, දුරකථන අංක, උපන් දින සහ මුර පද මෙසේ සොරකම් කර ඇතැයි  යාහු සිය නිවේදනය මගින් දක්වා තිබේ.

මෙය ඉතිහාසයේ සිදුවූ විශාලතම සයිබර් කොල්ලය සලකන බවත් බවත්  බොහෝවිට රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙය සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවත් යාහූ සමාගම වැඩිදුරටත් අවධාරණ කර තිබේ.

ආක්‍රමණය සම්බන්ධව විමර්ශනය කරන බව ඇමරිකා රහස් ඔත්තු සේවය සදහන් කර ඇති  බව විදෙස්  වාර්තා පෙන්වා පවසයි.