FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ ඇමැති ප්‍රසන්න හත්කෝටියක් අවභාවිත කළැයි විපක්ෂ නායකගෙන් පැමීණිල්ලක්…

බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධාරීන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක්ෂ නායක මංජු ශ්‍රි අරංගල ඇතුළු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණ අරඹා ඇති බව වාර්තා වේ.

එ අනුව එම ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක එම් ඩී ඩී පී ගුණතිලක මහතා ඊයේ (22) මංජු ශ්‍රී අරංගල ඇතුළු පළාත් සභා මන්ත්‍රීන් හය දෙනෙකුගෙන් මෙම සම්බන්ධයෙන්  ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද පැවසේ.

ඇමැතිවරයා කොළඹ, ගම්පහ හා කළුතර ව්‍යාපෘති 333ක් මෙම මුදල් යොදා ඇතැයිද දැන ගන්නට ඇත.