FAST NEWS

24×7 Around the Globe

ඉදිරි අයවැයෙන් අයවැය පරතරය 5.6% අඩු කිරීමට පියවර…

ඉදිරිපත් කිරීමට නියමීත 2017 ඇයවැයෙන්,අයවැය පරතරය 5.6% දක්වා අඩුකිරීමට සැලසුම් කර ඇති බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

එසේම පොදුවේ ලබන වසරට අදාළ අයවැය ලේඛනයේ ආදායම රුපියල් බිලියන 1800කට අධික මුදලක් වන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙවර අයවැයේ ප්‍රධාන අරමුණු දුප්පත්කම පිටුදැකීම බවත්, මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව සිදුවන බවද 2017 – 2020 ඉලක්ක කරමින් දුප්පත්කම පිටුදැකීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද ඔහු පවසා සිටියේය.

රජයේ ආදායම ඉහළ දැමීම යටතේ රේගු බදු, ආදායම් බදු හා සුරා බදු ආදායමේ සුවිශේෂී ඉහළ යාමක් සිදුව තිබෙන බවත්, වර්තමාන ආණ්ඩුව මෙම ක්ෂේත්‍ර තුන මගින් පසුගිය ආණ්ඩු සමයේදී ලබාගත් ආදායමට වඩා රුපියල් බිලියන 180 ක ආදායමක් උපයාගෙන තිබෙන බවත් කී හෙතෙම මේ නිසා එම කාලයේදී මෙම මුදල කාගේ හෝ සාක්කුවකට ගොස් තිබෙන බවද පවසා සිටියේය.