FAST NEWS

24×7 Around the Globe

අමෙරිකා ගිය එජාප මන්ත්‍රීන් ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවේ 71 වැනි සැසිවාරය නිමිති කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ‍ලේඛනයක් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභානායක කාර්යාලය වෙත නියෝග කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉහත ‍ලේඛනය සභානායක කාර්යාලය විසින් සකස් කර ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු පැවැත්වෙන සතියකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි මහ මණ්ඩල රැස්වීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ වාර්තාවක්ද භාර දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයටද මේ වන විට දැනුම් දී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයේ යෙදුණු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නිසි අවසරය ගත් ආකාරය ගැනද සභානායක කාර්යාලය ලබා දෙන වාර්තාවේ කරුණු ඇතුළත් කිරීමටද නියමිතය.