FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ…

2016 ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 07 වැනිදා දක්වා වූ කාලය සඳහා රාජ්‍ය ගිණුම්කාරක සභාව සකස් කළ පළමු වාර්තාව එම කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට අද (22දා) ඉදිරිපත් කෙරිණි.

රාජ්‍ය ආයතන 38 ක් කාරක සභාවට කැඳවා සිදු කළ නිරීක්ෂණ 16 ක් හා විශේෂ නිරීක්ෂණ 09 ක් ඇතුළත්ව පිටු 139කින් යුතුව මෙම වාර්තාව සකස් වී ඇති බව හෙතෙම පැවසීය.

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජිකයන් විසින් වසරක් තුළ වාර්තාවක් ඉදිරිපත් කළේ පළමු වතාවට බවද අලගියවන්න මහතා සඳහන් කළේය.