FAST NEWS

24×7 Around the Globe

උතුරු මැද පළාත් සභා සභාාපති අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග..

උතුරුමැද පළාත් සභාවේ සභාපති පි.එම්.ආර්. සිරිපාල මහතා හා අනුරාධපුර  හිටපු පුරපති එච්.පී.සෝමදාස මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ‍තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අද (22)   නියෝග කළේය.

1999 ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවකු වු රාජාංගණය යාය නවයේ හිටපු මහජන සෞඛ්‍ය පරික්ෂක ආනන්ද වේරගොඩගේ නිවසට බෝම්බ ගසා ගිනි තබා වාහන 5කට හානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධ පවරා තිබු නඩුවක් යළි විභාගයට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය කළේය.