FAST NEWS

24×7 Around the Globe

ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳපොළ ස්ථාවර කිරීමට රජයේ සහාය..

ඔපෙක් සංවිධානය සමඟ සම්බන්ධ වී ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳපොළ ස්ථාවර කිරීම සඳහා හැකි සෑම සහයෝගයක්ම දීමට ඉරාන ජනාධිපති හසන් රොව්හානී සහ ඛනිජ තෙල් අමාත්‍ය බිජාන් නම්දාර් එකඟතාව පළ කර ඇත.

ඔපෙක් සංවිධානයේ මහලේකම් මොහොමද් බාර්කින්ඩෝ සනුසි බ්ලූම්බර්ග් රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

බාකින්ඩෝ ඉකුත් සැප්තැම්බර් 6 වැනිදා ඉරානයේ සංචාරයක නිරත වූ අතර එහිදි ඉරාන ජනාධිපති හසන් රොව්හානී හා ඛනිජ තෙල් අමාත්‍ය බිජාන් නම්දාර් සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය.

මෙම හමුවීම්වලදී ඛනිජ තෙල් මිල ගණන් හා ඛනිජ තෙල් වෙළෙඳ පොළ ස්ථාවරව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබුණි.

මේ අතර ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් එළැඹෙන 28 වැනිදා ඇල්ජියර්ස්හිදී පැවැත්වීමට නියමිත.