FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ යළි රිමාන්ඩ් කෙරේ…

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවු හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ලබන 27 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය  අද (22) නියෝග කළේය.

කොළඹ කුරුඳුවත්තේ නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගැනීමෙන් ඔහු  වරදක් කර ඇතැයි රහස් පොලිසිය අද අධිකරණයට දැන්වීය.

එසේම ඔහුට එම මුදල් ලැබුණු ආකාරය පැහැදිලි නොමැති බවද රහස් පොලිසිය අධිකරණයට වෙත වැඩි දුරටත් දන්වා සිටියේය.