FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිළධාරීන්ගෙන් එක්සත් ජාතීන්ට මානව හිමීකම් පැමීණිලි දෙකක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි 2ක් ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වේ.

ඉසුරුපාය පරිශ‍්‍රයේ විරෝධතාවක යෙදී සිටියදී රෝගී වූ වෛද්‍යවරයෙකු ගිලන් රථයකින් රැගෙන යාම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් කරන ප‍්‍රකාශවලට එරෙහිව මෙම එක් පැමිණිල්ලක් ඉදිරිපත් කෙරෙන බව වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත සිය දෙවන පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කිරීමට කටයුතු කරන බවට සඳහන් කරමිනි.