FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව 27 සිට නව ස්ථානයකට..

මහජනතාවට වඩාත් කාර්ෂක්ෂම හා ඵලදායි සේවාවක් සැලසීම උදෙසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 27දා සිට බත්තරමුල්ල පිහිටි “සුහුරුපාය” නව ගොඩනැගිල්ල වෙත රැගෙන යන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එබැවින් සැප්තැම්බර් 23 හා 26 දිනවලදී හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය හා අනෙකුත් සේවාවන් ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

27දා සිට දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් “සුහුරුපාය” නව පරිශ්‍රයේදී ක්‍රියාත්මක වේ.