FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ අසමත් වුවද උසස්පෙළ විභාගයට පෙනී සීටිමට වරම්..

සාමාන්‍ය පෙළ අසමත් වුවද උසස්පෙළ හැදැරීම සඳහා 2018 වසරේ සිට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (21) පැවැති වැඩසටහනකදී  පැවසීය.

පාසලේ එක ශ්‍රේණියට ඇතුළුවන ළමයෙකුට 13 වසර දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය එමඟින් හිමිවන බවයි.

ඒ අනූව 2017 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන්ට  මෙම අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා කීවේය.

සාමාන්‍ය පෙළ විභාගයේදී එක් එක් විෂයට අදාළව ලබාගන්නා සමාර්ථයන් අනූව විද්‍යා, කලා, වාණිජ විෂයන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමිවන බවද  හෙතෙම සඳහන් කළේය.

මෙම වාතාවරණය යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළ‍මයෙකුට ගණිතය විෂය අසමත්වීම හා උසස් ‍පෙළ හැදෑරීමට ප්‍රමාණවත් විෂය සාමාර්ථ ලබා ගැනීම තවදුරටත් අනිවාර්ය නොවනු ඇත.

මෙතෙක් කලක් උසස් පෙළ හැදෑරීම සඳහා ගණිතය සමත්වීම අනිවාර්ය කර තිබිණ.

එසේම ගණිතය අසමත්වුවද උසස්පෙළ හදාරන අතරතුර වසරක කාලයකදී ගණිතය සමත්වීම අනිවාර්ය විය.