FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ ජාතිකයින්ට නැවතත් ඔන්ලයින් වීසා…

බංග්ලාදේශ ජාතිකයින්ට ඔන්ලයින් මගින් හා ගුවන්තොටුපොළේදී වීසා ලබා දීම යළි ත් ආරම්භ කර තිබේ.

ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ, පසුගිය දිනවල පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් බංග්ලාදේශ ජාතිකයින්ට ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමට නොහැකි වූ බව ය.

කෙසේ වෙතත් මීට පෙර මාධ්‍ය වාර්තා පළ වූයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුව බංග්ලාදේශ ජාතිකයින්ට ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීම නතර කර ඇති බව ය.

ඒ හේතුවෙන් බංග්ලාදේශය ද ශ්‍රී ලාංකිකයින්ට ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීම අත්හිටවනු ලැබී ය.