FAST NEWS

24×7 Around the Globe

ඖෂධ මීල අඩු කිරීම මෙම මස 23 ප්‍රසිද්ධියට පත් කෙරේ…

මහාචාර්ය සේනක බිබිලේ මහතා ඉදිරිපත් කළ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව මිල අඩුකොට මේ මස 23 වැනිදා ප්‍රසිද්ධ කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ සම්බන්ධව ඖෂධ ආනයනකරුවන් සහ මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කළ බවත්, මේ මස 23 වැනිදාට යෙදෙන සේනක බිබිලේ මහතාගේ අනුස්මරණ දිනය නිමිති කරගෙන මෙම මිල අඩු කිරීම සිදුකරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.