FAST NEWS

24×7 Around the Globe

ලංවිමට අනයුක්ත මෑන් පවර් සේවකයන්ට 17 දා ස්ථීර පත්වීම්…

ලංකා විදුලිබල මණ්‌ඩලයට අනුයුක්‌තව සිටින මෑන් පවර් සේවකයන් සියලුම දෙනා ලබන මස (ඔක්‌තෝබර්) 17 වැනිදා ස්‌ථිර සේවයට බඳවා ගැනීමට නියමිතය.

එම සේවකයන්ට ස්‌ථිර සේවයට පත්වීම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබන 17 දා සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

තමන් ස්‌ථිර සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමින් මෙම මෑන් පවර් සේවකයෝ විදුලිබල මණ්‌ඩලය ඉදිරිපිට උපවාසක ද නිරත වූහ.