FAST NEWS

24×7 Around the Globe

භාරත ඝතන නඩුවේ චුදිතයින් තිදෙනෙකුගෙන් අභියාචන…

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ චූදිතයන් තිදෙනකු විසින් එම තීන්දුවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය කොළඹ මහාධිකරණ ප්‍රධාන රෙජිස්ටාර්වරිය වෙත ඊයේ (20) ඉදිරිපත් කර ඇත.

මෙලෙස අභියාචනා ඉදිරිපත් කර තිබුණේ පළමු චූදිත වූ ‍පොලිස් කොස්තාපල්වරයකුව සිටි අනුර තුෂාරද මෙල්, තුන්වන චූදිත වූ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද සහ හත්වන චූදිත වූ සරත් බණ්ඩාර යන චූදිතයින් වන අතර ඔවුන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සිල්වා මහතා, නීතිඥ නයනා දහනායක මහත්මිය සහ නීතිඥ සෞම්‍යා මුතුකුඩ මහත්මිය විසින් එකී අභියාචනා කොළඹ මහාධිකරණ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය වෙත ඉදිරිපත් කර ඇත.

එසේම මෙම නඩුවේ මරණීය දණ්ඩනය නියම වූ එකොළොස් වන චූදිත වන රොමෙලෝ දුමින්ද සිල්වා මහතාගේ අභියාචනය මේ වන විටත් ඉදිරිපත් කර නොමැත.

මහාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද එකී අභියාචනා ශේ්‍රෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.