කූට ලේඛනයක් සකස් කරන ලදැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබෙන නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද, දෙවැනි සාක්ෂිකරු ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද නීතිපතිවරයා විසින් නම් කර තිබේ.
අදාළ නඩුව ලබන 26 වැනි දින කැඳවන ලෙස නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ තිබෙන නඩුවේ මුල් වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස රෙජිස්ට්‍රාර්වරයාට නියම කළාය.
අධි චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා පවරා තිබෙන නඩුවේ විත්තිකරු ලෙස අත්තනායක මුදියන්සේලාගේ කුඩාබණ්ඩා තිස්ස අත්තනායක මහතා නම් කර තිබිණි.
2014 දෙසැම්බර් 22 දින හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ 10 ටී.බී. ජායා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අපේක්ෂකයකු තෝරාපත් කර ගැනීමේ ප්‍රතිඵලයට බලපෑමේ කාර්යය සඳහා එනම් ජනාධිපති තෝරාපත් කර ගැනීමේ ඡන්දය සඳහා ඉදිරිපත්ව සිටි මෛත්‍රිපාල සිරිසේන යන අය ජනාධිපති ලෙස තෝරාපත් කර ගැනීමේ ප්‍රතිඵලයට බලපෑමේ කාර්යය සඳහා එකී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් අසත්‍ය සිද්ධි ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීමෙන් එනම් එකී මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන අයවලුන් 2014 නොවැම්බර් 01 වැනි දින එළැඹෙන ලද ගිවිසුම වශයෙන් නඩුවට යඪ ලෙස අමුණා ඇති උප ලේඛනයේ අසත්‍ය කරුණු ඇතුළත් කූට ලෙස සකසන ලද ගිවිසුමක් එකී තෝරාපත් කර ගැනීමට පෙර ප්‍රසිද්ධ කිරීමෙන් විත්තිකරු දූෂණ ක්‍රියාවක් සිදු කළ බවද එසේ හෙයින් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ 80(1) (ඇ) වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 80 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකරන ලදැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.
මේ නඩුව සඳහා රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් එළැඹි බව කියන ගිවිසුම ඇතුළු නඩු භාණ්ඩ 5ක් නීතිපතිවරයා නඩුවට ඇතුළත් කර තිබිණි.
නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු 15 දෙනකුගේ නම් ඇතුළත් නාම ලේඛනයක්ද නීතිපතිවරයා විසින් නඩුවට ඇතුළත් කර තිබිණි.
අදාළ නඩුව ලබන 26 වැනි දින යළි කැඳවීමට නියමිතය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.