FAST NEWS

24×7 Around the Globe

2015/2016 අධ්‍යන වර්ෂය සඳහා සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කෙරේ..

2015/2016 අධ්‍යන වර්ෂය සඳහා සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.

ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ  www.ugc.ac.lk වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ප්‍රවේශ කඩඉම් ලකුණු ලබා ගත හැකි ය.

ඊට අමතරව රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ 1919 අංකය ඇමතීමෙන් සහ 1919 අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් ද කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකි වේ.

ඒ අනුව ugc <space> Index Number සටහන් කර 1919 අංකයට යොමු කිරීමෙන් කඩඉම් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ය.

මීට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පහත අංක ඇමතීමෙන් ද ඔබට තොරතුරු ලබා ගත හැකි වේ.
0112695301, 0112695302, 0112692357, 0112675854

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයෝ 309,069 දෙනෙක් පෙනී සිටියහ.

ඉන් 236,072 දෙනෙකු පාසල් අයැදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට ඇති අතර ඉතිරි 72,997 දෙනා පෙනී සිට ඇත්තේ, පෞද්ගලික අයදුම්කරුවන් ලෙසිනි.