FAST NEWS

24×7 Around the Globe

ඩීසල් බද්ධ ඉහළ දැමීම හේතුවෙන් මසකට රුපියල් බිලියන 02 ක පාඩුවක්…

ඩීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද වැඩි කිරීම හේතුවෙන් මසකට රුපියල් බිලියන 2ක පමණ පාඩුවක් සිදුවනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා විදෙස් මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකකදී සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත මුදල් අමාත්‍යංශය විසින් පසුගිය අගෝස්තු මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3ක්ව පැවැති ඩීසල් නිෂ්පාදන බද්ද රුපියල් 10කින් වැඩි කළ අතර ඒ අනූව ඩීසල් ලීටරයක නව නිෂ්පාදන බද්ධ රුපියල් 13ක් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට මාස 36ක කාලයක් සඳහා ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ණය මුදලට අදාළව මෙම කොන්දේසී පැනවීම සිදුව ඇතැයි සඳහන්ය.