FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සේනාධිපතිට ඇප නොදෙන්නැයි අල්ලසින් පෙත්සමක්…

රුපියල් ලක්ෂ 355 ක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට හා එහි හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් පාලිත ප්‍රනාන්දුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප නියම කිරීමට එරෙහිව අල්ලස් කොමිසම අද මහාධිකරණයේ ප්‍රතිශෝධිත පෙත්සමක් ගොනු කළේය.

ඒ අනුව විනිසුරු එම්.සී.ඩී.එස්.මොරායස් නියෝග කළේ සේනාධිපතිට හා පාලිත ප්‍රනාන්දුට නොතීසි නිකුත් කරන ලෙසත් ලබන ඔක්තෝබර් 17 වැනිදාට පෙර විරෝධතා ගොනු කරන ලෙසය.

එම දෙදෙනාට ඇප දීම අවලංගු කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝගය බල රහිත කරන ලෙසත් කොමිසම මෙම පෙත්සමින් ඉල්ලා ඇත.