FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කෙරේ…

2015 උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද (20) පෙරවරුවේනිකුත් කෙරෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු  ලබාගැනීමට හැකිවනු ඇත.

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයෝ 309,069 දෙනෙක් පෙනී සිටියහ.

ඉන් 236,072 දෙනෙකු පාසල් අයැදුම්කරුවන් ලෙස ද 72,997 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස ද විභාගයට පෙනී සිට ඇත.