FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්‌ෂයෙන් ආණ්ඩු විරෝධි පෙරමුණක්…

ඒකාබද්ධ විපක්‌ෂයේ මූලිකත්වයෙන් ආණ්‌ඩු විරෝධී පුළුල් ජාතික පෙරමුණක්‌ ඉතා ඉක්‌මනින් ගොඩනැඟෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට සාකච්ඡා කර සකස්‌ කෙරෙන පොදු වැඩපිළිවෙළට සියලු පාර්ශ්වයන්ගේ එකඟත්වය පළවීමත් සමඟ බිහිකෙරෙන පුළුල් ජාතික පෙරමුණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් දැනට ඒකාබද්ධ විපක්‌ෂය සාකච්ඡා ආරම්භ කර ඇති අතර මූලික එකඟතාවන් ඇති වී තිබෙන බවත් ඒ අනුව පොදු වැඩපිළිවෙළ සකස්‌ කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව ඊයේ (19 දා) තීරණාත්මක සාකච්ඡාවක්‌ පැවැත්වුණි.

ආණ්‌ඩු විරෝධී සියලු පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන මෙම පුළුල් ජාතික පෙරමුණ ආරම්භ කෙරෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වෘත්තීය සංගම්, සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.