FAST NEWS

24×7 Around the Globe

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙස හිටපු ඇමති ඉමීිතියාස් පත්වෙයි…

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙස හිටපු  ඇමතිවරයෙකු වන ඉමිතියාස් බාකීර් මාකාර් මහතා වැඩ භාර ගෙන ඇතැයි වාර්තාවේ.

අග්‍රමාත්‍ය කාර්යාලයය යටතේ විසුම්පායේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා නිල බලයෙන් එම මධ්‍යස්ථානයේ ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි.

මාධ්‍ය පිළිබඳ පර්යේෂණ සහ සැලසුම් කටයුතු සිදු කිරීම, මාධ්‍ය හැසිරීම අධ්‍යයනය කිරීම, තොරතුරු ලබා දීම හා ලබා ගැනීම සහ තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම එම ආයතනයට පැවරී ඇති රාජකාරි වේ.