FAST NEWS

24×7 Around the Globe

සදාම් හුසේන්ගේ වැඩිමහල් දියණිය ඉරාක මහ මැතිවරණයට..

හිටපු ඉරාක නායක සදාම් හුසේන්ගේ වැඩිමහල් දියණිය 2018 වසරේදී ඉරාකයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා අලුත්ම සන්ධානයක් ගොඩ නැගීමට බලාපොරොත්තුවෙන්සිටින බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

48වැනි වියේ පසුවන රගාද් සදාම් හුසේන් නම් වන ඇය දැනට ජෝර්දානයේ ජිවත් වෙයි.

පසුගිය මාසයේදී ඉරාක පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද මත භේදයට ලක්ව ඇති රාජ්‍ය සමාව යටතේ ඇයට ඉරාකයට ආපසු පැමිණය හැකිය.

ජෝර්දානයේ රැකවරණ මත ජීවත් වන රගාද් සහ සදාම්ගේ රෙජීමයේ අනක් සාමාජිකයන් අධිකරණ ක්‍රියාවලිය සඳහා සියය රටට බාර දෙන ලෙස ඉරාකය විසින් පසුගිය මැයි මාසයේදී ජෝර්දානයෙන් ඉල්ලීමක් කරන ලද මුත් ජෝර්දානයේ රාජකීය පවුල එය ප්‍රතික්ෂේප කළේය.

බැග්ඩෑඩ් පාලනයේ ඉල්ලීම මත රගාද් ට වරෙන්තු නිකුත්කිරීමට ජාත්‍යන්තර පොලිස් සංවිධානය (ඉන්ටර්පෝල්)  2010 අප්‍රේල් මාසයේදී පියවර ගත්තේය.

ත්‍රස්තවාදයට සහ  ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩ් සංවිධානයට එළිපිටම සහයෝගය පළ කරන්නේය යන සැකය මත ඉරාක රජය ඇයගැන සෝදිසියෙන් පසුවිය.

2003දී ඇමෙරිකාව ප්‍රමුඛ කණ්ඩායම් ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව රගාද් සිය බාල සොහොයුරියන් දෙදෙනා සහ මව  සමග ජෝර්දානයට පලා ගියාය.

ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගේ අමුත්තන් වශයෙන් ඔවුහු දැනට එහි සුඛෝපභෝගී ජිවිත ගතකරති.