FAST NEWS

24×7 Around the Globe

ප්‍රකාශයක් ලබා දීමට ගිය අන්තරේ ක්‍රීයාකාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ..

ප්‍රකාශයක් ලබා දීමට කොල්ලුපිටිය පොලීසිය වෙත ගිය අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අද (19) උදෑසන පොලීසිය විසින් පෙර කරනු ලැබ තිබූ දැනුම්දීමකට අනුව ප්‍රකාශ ලබා දීමට පොලීසිය වෙත ගිය විටදී අත අඩංගුවටගැනීම සිදු කර ඇති බව අන්තරයේ ප්‍රකාශකයකු පැවසීය.

අත් අඩංගුවට ගනු ලැබ ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු හා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වෙති.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුර වාර්තා පවසයි.