FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා පොලිස් ස්ථාන සිර මැදිරි වලට සීසීටිවී..

දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම සිර මැදිරි ආශ‍්‍රිතව සී සී ටී වී කැමරා සවි කිරීම කෙරෙහි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.

මෙ සඳහා දැනටමත් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

එසේම පුස්සැල්ලාව පොලිසියෙන් අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවෙකු පොලිස් සිර මැදිරියේ රඳවාගෙන සිටිය දී ගෙල වැළලාගෙන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ද විශේෂ පරීක්ෂණයක් ක‍්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරුවක් ලබා දීමට ද ඊයේ (18) තීරණය කෙරුණු අතර මීට අමතරව එම පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටයි පියවර ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් වරෙන්තුකරු ඔහු ඇඳ සිටි කමිසයෙන් සිරි මැදිරියේ දී ගෙල වැළලාගෙන ඇති බව පොලීසිය පවසයි.

එහෙත් මෙම මරණය සැක සහිත බවටයි ඔහුගේ දෙමව්පියන් පවසයි.