FAST NEWS

24×7 Around the Globe

භාරතගේ නඩු තීන්දුවට එරෙහිව දුමීන්ද වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්..

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියට කොළඹ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර ඇති දුමින්ද සිල්වා මහතා සහ සෙසු සිව් දෙනා සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම 20වන අඟහරුවාදා සිදු කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

පසුගිය 08 වන දා මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

එ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා, දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් වෙතින් මනුෂ්‍ය ඝාතනයක් සිදු වූ බවට සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බවට නෛතිකමය විග්‍රහයක් කරමින් විත්තිකරුවන්ව නිදොස් කොට නිදහස් කළේය.

එසේම විනිසුරු මඩුල්ලේ පද්මිණී රණසිංහ විනිසුරුවරිය මෙහි දී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බවට සැකයකින් තොරව ඔප්පු වන බවට තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර එම තීන්දුවට එම්.කේ.බී.එස්. මොරායස් විනිසුරුවරයා ද එකඟ විය.