FAST NEWS

24×7 Around the Globe

නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක්…

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී මෙරට තුළ සිදුවන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව පැවසේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වී අැති බව පුවත් වාර්තා සඳහන් කරයි.

මෙම සාකච්ඡා ඉතා සාර්ථකව සිදු වූ බව නීෂා බිස්වාල් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.