බීබීසී ආයතනය වසා දමන බවට කැමරන්ගෙන් තර්ජන.

බීබීසී ආයතනය වසා දමන බවට කැමරන්ගෙන් තර්ජන.

පසුගිය මැතිවරණය තුළ පක්‍ෂපාතීව කටයුතු කිරිම නිසා බි‍්‍රතාන්‍ය විකාශන සංස්ථාව හෙවත් බීබීසී ආයතනය වසා දමන බවට එරට අගමැති ඬේවිඞ් කැමරන් විසින් තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

බීබීසී දේශපාලන සංස්කාරක නික් රොබින්සන් පවසා ඇත්තේ සිය කාර්යමණ්ඩල සාමාජිකයින් හට පීඩනය එල්ල කිරීම සඳහා කැමරන් විසින් මෙම තර්ජනය කිරීම සිදුකර ඇති බවයි.

බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගේ හා කොන්සර්වේටිව් රජයේ ක‍්‍රියාපිලිවෙත එංගලන්ත පල්ලියට සමාන බව රොබින්සන්ගේ අදහසයි.

එය පැවතීම පිළිබඳව ඔවුන් බොහෝ ප‍්‍රීතිවන අතර එය එංගලන්තයේ පැවැත්මට අතිශය තීරණාත්මක බව හඳුනාගන්නා අතරම එය කරදරකාරී බවද ඔවුන් වටහාගන්නා බව ඔහු පවසා ඇත.

බීබීසීය කිසිදු අවස්ථාවකදී වසා නොදමනු ඇති බවද දේශපාලන සංස්කාරකවරයා පවසා තිබේ.

මැයි මසදී පැවැත්වුණු බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයේදී බීබීසී ආයතනය වාමාංශික කඳවුරට නැඹුරු ස්ථාවරයක සිට මැතිවරණ විකාශන කටයුතු සිදුකළ බවට කොන්සර්වේටිව් ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු පවසන ලදී.

මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්‍ෂය පැහැදිලි ජයග‍්‍රහණයක් අත්පත් කරගැනීමෙන් පසුව කැමරන් විසින් සංස්කෘතිය, මාධ්‍ය හා ක‍්‍රීඩාව පිළිබඳ බි‍්‍රතාන්‍ය රාජ්‍ය ලේකම් ධුරයට පත්කළ ජෝන් විටින්ගේල් හට බීබීසී ආයතනය පිලිබඳ කරුණු සොයාබැලීම සඳහා වගකීම් පැවරූ බවද පසුගිය කාලයේදී වාර්තා විය.

කෙසේවෙතත් විටින්ගේල් පවසා ඇත්තේ බීබීසීයට එරෙහිව කිසිදු සැලැස්මක් නොමැති බවයි.