FAST NEWS

24×7 Around the Globe

පළාත් සභාවට 25% ක නියෝජනයක්..

පළාත් සභාවට 25% ක කාන්තා  නියෝජනයක් හඳුන්වාදෙන බව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා  පවසයි.

කාන්තාවන්  දේශපාලනයේ නිරතවීම පිළීබඳව ජාත්‍යන්තර අත්දැකීම් සහ සිවිල්  සංවිධාන අදහස්  ලබාගෙන කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා  වැඩපිළිවෙළක්  සකස්  කිරිමට  අමාත්‍යාංශය කැඳවා තිබු සාකච්ජාවකදී අමාත්‍යවරයා මේ බව  සඳහන් කර සිටියේ.

එක්සත්  ජනපද තානාපති  කාර්යාලය, ඔස්ට්‍රේලියා මහ කොමසාරිස්  කාර්යාලය මැතිවරණ ක්‍රමවේද පිළිබඳ ජාත්‍යන්තර  පදනම නියෝජ්‍ය  ඇමැති  සුදර්ශනී  ප්‍රනාන්දුපුල්ලේ  නියෝජ්‍ය  ඇමැති අනෝමා  ගමගේ, අගමැති නියෝජ්‍ය  කාර්යා මණ්ඩල ප්‍රධානී  රෝසි  සේනානායක ,පළාත්  සභා  සහ පළාන අමාත්‍යාංශ ලේකම් කමල්  පද්මසිරි , පළාත්  පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි  සුජීව සමරවීර , සිවිල්  සංවිධාන නියෝජිතයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.