කලින් ජනපතිවරණයක් පැවැත්වීමට හේතුව වත්මන් ආණ්ඩුවේ ඉහළ පෙළ නායකත්වය තමාගෙන් අසන බවත් තමා කලින් ජනපතිවරණයක් පැවැත්වූයේ ඊට පෙර හිටපු ජනපතිවරුන් කලින් මැතිවරණ පැවැත්වූ හේතුව නිසා බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
අද (16දා) එකාබද්ධ විපක්ෂයේ බත්තරමුල්ල කාර්යාලයේදී පැවැති දේශනයකදී ඔහු මේ බව පැවැසීය.
සිය ධුර කායලයේදී රට ආර්ථික අර්බූදයක පැවැතියානම් තම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ හිටපු අයෙක් දැන නොසිටින්නට හේතුවක් නොමැති බවත් එවැනි අයෙක් රට පාලනය කරන්නේ කෙසේදැයිද යනුවෙන් හිටපු ජනපතිවරයා ප්‍රශ්න කරයි.
“මේ ආණ්ඩුවෙ නායකයන් මාධ්‍ය හරහා මගෙන් නිතරම අහන ප‍්‍රශ්ණයක් තමයි කලින් ජනාධිපතිවරණයක් පැවැත්වූයේ ඇයි කියල. මේ අය ජනතාවට ඒත්තු ගන්වන්න හදන අදහස තමයි 2015 වෙනකොට රටේ ආර්ථිකය කඩා වැටෙන බව දැනගෙන මම කළින් ජනාධිපතිවරණයක් පවත්වලා ආර්ථික අර්බුදය එළියට එන්න කලින් මගේ බලය තහවුරු කර ගන්න උත්සහ කෙරුවයි කියන එක. මේක ඒගොල්ලො හැම වේදිකාවකම කියල තමන්ගේ නොහැකියාව හංග ගන්න හදනවා. මම කලින් ජනාධිපතිවරණයක් කැඳෙව්වෙ මගේ ජ්‍යොතීශඥයන්ගේ කීම අනුව නොව, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරගේ උපදෙස් අනුවයි කියලත් ඒ අය කියනවා. මේ වගේ කතා අහනකොට මට හිනා.
මේ ආණ්ඩුවේ ප‍්‍රධාන නායකයො මගේ කැබිනට් මණ්ඩලයේ හිටපු වැදගත් ඇමතිවරු. රටේ ආර්ථික අර්බුදයක් ලියලමින් එනවානම් ඒක කැබිනට් මට්ටමෙන් බලය හොබවන අයගෙන් හංගන්න පුළුවන් දෙයක් නොවෙයි. කවුරුහරි කැබිනට් මණ්ඩලයේ ඉදගෙන ප‍්‍රධාන අමාත්‍යංශයකුත් පාලනය කරන අතර රටේ තිබෙන තත්ත්වය කුමක්දැයි නොදැන හිටියානම් ඒ වගේ කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ?
මම කලින් ජනාධිපතිවරණයක් කැඳෙව්වෙ අනෙක් හැම ජනාධිපතිවරයෙක්ම කලින් මැතිවරණ කැඳවපු හේතුවලටම තමයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1982 ජනාධිපතිවරණය කැඳෙව්වෙ කලින්. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 1999 ජනාධිපතිවරණය කැඳෙව්වෙ කලින්. මම 2010 ජනාධිපතිවරණය කැඳෙව්වෙත් කලින්. 2015 ජනාධිපතිවරණය පවත්වනකොට රටේ ආර්ථික අර්බුදයක් ලියලමින් පැවතුන බව කියන එක සම්පූර්ණ බොරුවක්.” යැයි ඔහු පැවැසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.