FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 26 කට තුවාල…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගැලණිගම – ‍දොඩංගොඩ අතර 26 වැනි කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී මගීන් පිරිසක් රැගත් බසයක් මාර්ග නඩත්තු කටයුතු සිදුකරන වාහනයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි..

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ  බසයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එය එම මාර්ගයේ නිතිපතා ධාවනය නොවන බසයක් බව පොලීසිය වැඩි දුරටත් පවසයි.