FAST NEWS

24×7 Around the Globe

පා.ම නාමල් රාජපක්ෂට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන්නැයි නියෝග කෙරේ…

අල්ලස් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඔක්තෝබර් 03 වැනිදා හෝ ඊට පෙර චෝදනා පත්‍ර බාරදෙන දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු  මඩුල්ලක් විසින් මෙම නියෝගය සිදු කර තිබේ.

නාමල් රාජපක්ෂට එරෙහිව පවත්වනු ලබන පරීක්ෂණයකට ඔහු සහභාගී නොවීම තුළින් එම කොමිසමට අපහාසයක් සිදුවී ඇති බවට අල්ලස් කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

‍එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනුකරමින් පා.ම නාමල් රාජපක්ෂ මහතාගේ නීතීඥයින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ එවැනි පැමිණිල්ලක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බලයක් නොමැති බවයි.

අගවිනිසුරු කේ ශ්‍රීපවන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ල එම ‍මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනූව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා පත්‍ර ඔක්තෝබර් 03 හො ඊට පෙර ලබාදෙන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය ඔක්තෝබර් මස 14දා කැඳවන බව ප්‍රකාශ කර තිබේ.