FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ් කෙරේ…(update)

කොළඹ කුරුඳුවත්තේ සුඛෝපභෝගී නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගත්තැයි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

+++++++++++++++++++(update)

මහින්දානන්ද අලුගමගේ අත්අඩංගුවට ගැනේ…

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ රහස් පොලිසියෙන් අද (15) අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි.