FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට ‍පොලීසිය ව්‍යාජ සටහන් යොදලා…

හම්බන්තොට බඳගිරිය වී සොරකමට අත්අඩංගුවට ගත් බව කියන තරුණයෙක් අතුරුදන් වීමට අදාළ සිද්ධියේදී හම්බන්තොට ‍පොලීසිය විසින් ව්‍යාජ සටහන් යොදා ඇති බව දැනට කරගෙන යන පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (14) පැවැසීය.

හම්බන්තොට ‍පොලීසිය තරුණයන් තිදෙනකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට තහවුරු වී ඇතත් අදාළ ‍පොලීසියේ නිලධාරීන් සටහන් කර ඇත්තේ තරුණයන් දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගත් බව යැයි අජිත් රෝහණ මහතා පැවැසීය.