FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් තුනක වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක…

වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර නොගැනීම හේතුවෙන් මාතර, කුරුණෑගල, මහනුවර දිස්ත්‍රික්කවල ඇති සියලුම රෝහල්වල වෛද්‍යවරුන් අද (15) උදෑසන 8.00 සිට පැය හතරක කාලයක් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ‍ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය.

පාසල් අහිමි වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ (14) දින වෛද්‍යවරුන් 200ක් පමණ අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් රාත්‍රී වනතුරු සිටි බවත් හෙතෙම පැවසීය.

එහෙත් විසඳුම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයට නොහැකිවීම හේතුවෙන් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කළ බවත් ඉදිරියේදී ඊට විසඳුම් ලබා නොදුන්නහොත් ඉදිරි දිනකදී ද වෛද්‍ය වර්ජනයක් ආරම්භ කෙරෙන බවත් වෛද්‍ය හේරත් මහතා ප්‍රකාශ කළේය.