අණ නොතැකු හොර ගව ලොරියට වෙඩි – පුද්ගලයෙක් මරුට.

අණ නොතැකු හොර ගව ලොරියට වෙඩි – පුද්ගලයෙක් මරුට.

අරන්තලාව – පොලිස් මාර්ග බාධකයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් කළ පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අද (23) අලූයම 2.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අරන්තලාව පොලිස් මාර්ග බාධකයේදී නතර කරන ලෙසට පොලීසිය දැනුම් දී තිබෙනවා. එහෙත් එම ලොරි රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙනුයි පොලීසිය ඊට වෙඩි තබා ඇත්තේ.