FAST NEWS

24×7 Around the Globe

14 වැඩි සියළු පුරවැසියන්ට ඩිජීටල් කාඩ්පතක් …

මෙරට වැසියන්ගේ සියලූම ජීවදත්ත තොරතුරු ඇතුළත් ඩිජිටල් කාඩ්පතක් ලබන වසරේදී හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

වයස අවුරුදු 14ට වැඩි සියලුදෙනාට මෙම කාඩ්පත හඳුන්වාදෙන බව ඊයේ(14) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙරට වැසියන්ගේ ජීව දත්ත හා ඔවුන් රාජ්‍ය ආයතන සමග සිදුකරන සියලු කටයුතු පිළිබඳ තොරතුරු එහි අඩංගුව බවද ඒ මහතා කීවේය.

මෙරට රාජ්‍ය අංශයේ කටයුතු ඩිජිටල්කරණය නොකිරීම නිසා දිනකට අමෙරිකානු ඩොලර් මිලියන 2ක පාඩුවක් ලබන බවද ඇමැතිවරයා සඳහන් කළේය.